
බල්ගේරියානු දෘෂ්ටිශීලීනියක වූ බාබා වැන්ගාගේ 2026 වර්ෂය සඳහා වන රන් මිල පිළිබඳ අනාවැකිය දැනට සමාජ මාධ්‍ය හරහා විශාලව පැතිරෙමින් පවතී. මෙම අනාවැකිය වර්තමානයේ ජනප්‍රිය වීමට හේතුව 2025 වර්ෂය සඳහා ඇය කල පුරෝකථන කිහිපයක්, විශේෂයෙන්ම භූමිකම්පා පිළිබඳව කරන ලද පුරෝකථන, අක්ෂරශඃ ව සත්‍ය වීමයි. මීට අමතරව මියන්මාරයේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් මිනිසුන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වූ අතර එය ඇයගේ අනාවැකිවල නිරවද්‍යතාවය පිළිබඳව ඇති විශ්වාසය තවත් ශක්තිමත් කර ඇත. මෙම පසුබිම තුළ, බාබා වැන්ගා 2026 වර්ෂයේදී රන් මිල ඉහළ යන බවට ඇති අනාවැකිය ආයෝජකයින් සහ ජනතාව අතර විශේෂ අවධානයක් යොමු කර ගෙන ඇත. ඇය පවසා ඇති පරිදි, ලෝක ආර්ථිකයේ සිදු වන වෙනස්කම් සහ අස්ථාවර තත්ත්වයන් හේතුවෙන් ආයෝජකයින් රත්රන් වැනි ආරක්ෂිත ආයෝජන මාර්ග වෙත යොමු වනු ඇත. ගෝලීය ආර්ථික තත්ත්වය, උද්ධමනය, පොලී අනුපාත සහ දේශපාලන ආතතීන් වැනි සාධක රන් මිල මත ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇත. පසුගිය වසර කිහිපය තුළ මෙම සාධක හේතුවෙන් රන් සඳහා ඇති ඉල්ලුම ද නිරන්තරයෙන් වර්ධනය වී ඇත. වඩාත් විශේෂයෙන්ම, බාබා වැන්ගාගේ අනාවැකියේ සඳහන් වන්නේ 2026 දී ලෝකයේ මහා අවපාතයක් හෝ යුද්ධයක් වැනි විශාල අර්බුදයක් ඇති වුවහොත්, එමගින් රන් මිල විශාල වශයෙන් ඉහළ යනු ඇති බවයි. එවැනි අවිනිශ්චිත හා අස්ථාවර තත්ත්වයන් තුළ ආයෝජකයින් සාම්ප්‍රදායික ආයෝජන මාර්ගවලින් ඈත් වී රන් වැනි මූල්‍යමය ආරක්ෂණයක් ලෙස සලකන භාණ්ඩ වෙත යොමු වන බව ඉතිහාසය පෙන්වා දෙයි. බාබා වැන්ගාගේ අනාවැකි බොහෝ විට නිවැරදි වී ඇති බවට ඇති විශ්වාසය නිසා මෙම රන් මිල පුරෝකථනය ගෝලීය වශයෙන් ජනප්‍රිය වී ඇති අතර, බොහෝ දෙනා ආර්ථික අනාගතය සඳහා එය අවධානයෙන් සලකා බලමින් සිටිති.
