
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රූපවාහිනි නාලිකාව වන TNL අද (ජුනි 21) වසර 32ක් සම්පූර්ණ කරයි. 1993 ජුනි 21 වන දින ශාන් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරන ලද මෙම නාලිකාව, 1979 දී ස්වාධීන රූපවාහිනිය හඳුන්වාදීමෙන් පසුව රජයට පවරා දීමත් සමග පෞද්ගලික රූපවාහිනියේ පුනරුත්ථාපනයක් ලෙස ජනප්‍රිය විය. සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් පෞද්ගලික නාලිකාවක පළමු පුවත් විකාශය කිරීමේ ගෞරවය TNL හිමි විය. 1995 දී ආරම්භ කළ 'ජනහඩ' වැඩසටහන මගින් දේශපාලන සාකච්ඡාවලට මුල් පිරූ අතර, 'ඕල්වේස් බ්රේක් ඩවුන්' වැඩසටහන තුළින් ප්‍රහසනය හරහා දේශපාලන යථාර්ථය ජනතාවට ඉදිරිපත් කරන ලදී. සංගීතමය වැඩසටහන්, අධ්‍යාපනික අන්තර්ගත, සහ ආගමික වැඩසටහන් මෙන්ම 'නැණ පහන', 'අමා දහර', 'ධර්ම විනිශ්චය' වැනි වැඩසටහන් මගින් සමාජයට අත්වැලක් සැපයීය. 1998 දී ඉසිර ගුවන්විදුලිය ආරම්භ කිරීමෙන් තොරතුරු හා විනෝදාස්වාදය පුළුල් කරන ලදී. 'ද බුඩිස්ට්' සහ 'දිදුල' වැනි උප නාලිකා මගින් විවිධ ප්‍රේක්ෂක පිරිස් අතර ජනප්‍රියත්වයක් ලබා ගත් TNL, 'වෛද්‍ය හමුව', 'රිද්ම රාත්‍රීය', 'පැදුරු පාටිය' වැනි වැඩසටහන් මගින් ද දිගු කාලීන බලපෑමක් ඇති කළේය. 'රසානන්දය', 'නොපෙනෙන ලෝකය', 'ඉසිවර ඉසව්ව' වැනි විද්‍යාත්මක හා ජෝතිෂ්‍ය වැඩසටහන් මෙන්ම 'සිහින නෙළුම් මල්' ළමා වැඩසටහන් සහ සූප ශාස්ත්‍රයට අදාළ වැඩසටහන් ද TNL නාලිකාවේ සුවිශේෂී දායකත්වයක් විය. මේ ආකාරයෙන් TNL නාලිකාව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසයේ විශිෂ්ඨ සන්නාමයක් බවට පත්ව ඇත.
